Thursday, January 12, 2012

පරිගණකය ගැන මුල සිට - 3


ඔන්න ඉතින් දැන් අපි  පරිගණකය ගැන මුල සිට - 2 න් Computer System 1 කේ
 කොටස් 3 ගැන කතා
කරානේ මම අද පරිගණකයේ මූලික දේවල් ටිකක් කියලා දෙන්නම්.

   අපි දැන් බලමු mouse එක කියන්නේ මොකක් ද කියලා.


         



අපි දැන් බලමු මෙ mouse එකෙන් ගන්න ප්‍රයෝජන ,අපි ඒක Mouse Event හදුන්වනවා.
අපි දැන් බලමු ඒ mouse event මොනවද කියලා.
  1. Click
  2. Double Click
  3. Right Click
  4. Drag

    Click කියන්නෙ mouse එකේ left mouse button එක් වරක් click කර ඉක්මනින්
    අතහැරීමයි.

    Double Click කියන්නේ   left mouse button එක කෙටි කාලයක්
     තුලදි දෙවරක්
    press කිරීමයි.

    Right Click  කියන්නේ  mouse එකේ right mouse button එක
     click කර අතහැරීමයි.

    Drag  කියන්නේ mouse එකෙ left mouse button එක  press
    කරගෙන තිබෙන අතරම
    mouse එක ඇදගෙන යාමයි.
     


Wednesday, January 11, 2012

ගොඩ කාලෙකට පස්සේ.....

ඔන්න ඉතින් පූස් හාමි ගොඩ කාලෙක ට පස්සේ වැඩේට අත ගැහුවා
කට්ටියට දැන් පූස් හාමි ව මතක ද දන්නෙ නැ.
 ඒකට කමක් නැ  මම කියලා දුන්න පාඩම් මතක තිබුනොත් ඇති.

Thursday, May 19, 2011

පරිගණකය ගැන මුල සිට - 2



 අපි අද බලමු Computer System ගැන,
                           ෴Computer System.෴
                        
  1.    Hardware
  2.    Software
  3.    Live ware

ඔන්න ඔහොම Computer System 1 කොටස්  3කින් තමයි සකස් වෙලා තියෙන්නේ.
 අපි දැන් බලමු ,ඔය වචන වල තේරුම් මොනවද කියල.

Hardware(දෘඩාන්ග)
පරිගණක පද්දතියේ  ඇති බව්තික කොටස් වේ. මේවා කොටස් 4 කි.එනම්,
1.      Input  Hardware
2.      Processing  Hardware
3.      Storage Hardware
4.      Output Hardware

Input  Hardware
පරිගනකයට දත්ත ලබා දීම සදහා බාවිතා කරන උපකරණයි.

Processing Hardware
ලබාදෙන දත්ත දී ඇති උපදෙස් අනුව සකස් කරන කොටසයි.

Storage Hardware
අප විසින් දීපු දත්ත ගබඩා කරගන්නා කොටසයි.


       Output Hardware
       දත්ත සකස් කරාට පස්සේ  බාහිර පරිසරයට තොරතුරු 
       ලබා    දෙන්නේ මෙමගිනි.   
       දැන් අපි බලමු 
 Software(මෘදුකාoග)
  පරිගණක පද්දතියේ ඇති උපාoග ඒ හා සම්බන්ද කටයුතු කරන පුද්ගලයින්ගේ අවශ්‍යතාවය
ඉටු කරගැනීමට අතරමැදියෙකු වේ.

Liveware(ජීවාoග)
         පරිගණක පාවිච්චි කරන අයයි.

Monday, May 16, 2011

පරිගණකය ගැන මුල සිට - 1

ඔන්න ඉතින් පූස් හාමි කොම්පුටරේ ගැන මුල ඉදලම කියල දෙන්නයි යන්නෙ.අපි කොම්පුටරේ ගැන දැන ගත්තට සමහර විට මුල තොරතුරු දන්නේ නැති වෙන්න පුලුවන්නෙ. ඔන්න ඉතින් පූස් හාමි කියන්නයි යන්නෙ  කොම්පියුටරේ කියන්නේ මොකක්ද කියල.
      සකස් නොකල දේවල් ක්‍රමවත් ආකාරයට සකස් කර එමගින් තොරතුරක් ලබා ගත හැකි ඉලෙක්ට්‍රොනික්
උපකරණයක් පරිගණකයක් ලෙස හදුන්වන්න පුලුවන්.ඔන්න ඉතින් ඔය රූපසටහනින් පෙන්නන්නේ
අපි කොම්පියුටරේ කියල කියපු එක තමා.

නමුත්, දැන් ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා නවීන තාක්ශනයෙ දියුණුව නිසා.එමගින් එක එක වර්ගයෙ කොම්පියුටර් ලෝකෙට හදුන්වලා දීලා තියෙනවා. අන්න ඒවල රූපසටහන් තමයි ඔය පහලින් පේන්නෙ.

මයික්‍රො කොම්පියුටර්

ලැප් ටොප් කොම්පියුටර්
ෆැලැට් කොම්පියුටර්  ( LCD or  LED )