විසිතුරු

Twitter පුරුදු
සාමාන‍ය ජoගම දුරකතන වලින් යවන SMS පුද්ගලික ඒවාය. එසේ කියන්නේ ඒවා කියවිය හැක්කේ
එය යවන තැනැත්තාට හා කීප දෙනෙකුට පමණි .එහෙත් Twitter SMS ඊට වඩා ප්‍රසිද්දය.මන්ද එය ඕනැ
කෙනෙකුට බැලිය හැකි සේද ලිවිය හැකි බැවිනි. ඒනිසා ප්‍රසිද්ද Twitter SMS 1ක් යවන්නට කලින්
හුගක් දුර සිතිය යුතුය. පුද්ගලයකුට හෝ පොදුවේ සමාජයට හෝ අවැඩක් ,කලකිරීමක් ,ත්‍රාසයක් ,
ඇති නොවන සේ ඒ පණිවිඩය ලිවිය යුතුය.එය නිර්මාණාත්මක වුනොත් නිසදැස් ,කවි වගෙ Twitter
කවි කියවන්නත් අපට පුලුවන් වේවි.


_____________________________________________________________________


ස්ටිව්  ජොබ්ස්



 පරිගණක යන්ත්‍රයක් ගැන සිතන සැම මොහොතකම
අපේ සිතෙ ඇදි යන්නේ මොනිටරයක් , ම්වුසයක්,
සහ යතුරු පුවරුවයි.එනම් පරිගනකයට ලෝක සම්මත
ආකෘතියක් තිබේ.මේ  ආකෘතිය ගෙන මුලින්ම
පරිගණකය නිර්මණය කල තැනැත්තා පසු ගියදා
අග්න්‍යාශයෙ පිළිකාවකින් මිය ගියේය.එ වන විට
                                    එතුමා  56 හැවිරිදි විය.

ස්ටිව් ජොබ්ස් යනු මැත කාලීන ලෝකයේ බිහිවූ විශිශ්ඨතම නව නිර්මාණකරුවාය.
ඔහු විශිශ්ඨයකු යැයි කියන්නේ මුලු ලෝකයාගේම ජීවිතයේ අoග වෙනස්
කිරිමට ඔහුගේ නව නිර්මාණ හේතු වුන බැවිනි.

ස්ටිව් ජොබ්ස් යනු පරිගණක විද්‍යාඥයෙක් නොවේ , ඉoජිනේරුවෙක් ද නොවෙ,
කර්මාන්තකරු වෙක් ද නොවෙ.එහෙත් මිනිසාගේ එදිනෙදා ජීවිතයට ගැළපෙනම
තාක්ශණික මෙවලම් සහ ඒවායේ හුරුබුහුටි හැඩහුරුකම් ගැන ලෝකයේ කිසිවෙකුටත්
නැති 'ඉවක්' තිබු අයෙකි.

සම්මත විශ්ව විද්‍යාල අඩ්‍යාපනයවත් ,තාක්ශණික සුදුසුකම් සහතිකය ඔහුට නැත.
එහෙත් ඔහුගේ නමින් නව නිර්මාණ පිළිබඳ ඇමරිකානු පේටන්ට් බලපත්‍ර 338 ක්
 තිබේ.ඒවා සියල්ලම ඇපල් සමාගමේ නිශ්පාදන සමග විත් ලෝකයට සේවය
කරයි.ස්ටිව් ජොබ්ස් යනු නූතන ලෝකයේ හොඳම නව නිර්මාණකරුවා සේ
සැලකෙන්නේ ඒ නිසාය.


_____________________________________________________________________


ඊමේල්  ගැන අපි සමහරෙක් නොදන්නා පැත්ත


අන්තර්ජාලය හරහා අපි බාවිතා කරන සේවාවන්ගෙන් 1ක් තමයි මෙ E-mail එහෙම
නැත්නම් Electronic Mail කියල කියන්නේ.දැන් මේක පොඩිහිටියගේ ඉදන් වැඩිහිටියා
දක්වා ම ව්‍යාප්ත වෙලයි තියෙන්නේ.ඉස්සර අපට අපි තව කෙනෙකුට යවන හෝ
අපට තව කෙනෙකු එවන ලිඛ්ත දෙයක් ලැබෙන කම් සතියක් විතර බලාගෙන
ඉන්න සිද්ද වෙනවා.නමුත් දැන් තාක්ශණයට පින් සිද්ද වෙන්න , අපි යවන පණිවිඩය
ඒ උණුසුමින්ම ලබන්නාට ලැබෙනවා.ඉතින් මේටික හැමෝම වගෙ දන්නවානෙ
අපි දැන් මේකේ නොදන්න පැත්ත බලමු.

අපි අපේ Email Account එකට ගිහිo කාට හරි Email 1ක් යවන්න හදන කොට compose
කියන button එක අපට press කරන්න සිද්ද වෙනවා.එතකොට ඔය පහත ආකාරයේ
window 1ක් ලැබෙනවා.

එහි තියෙනවා To කියලා Label 1ක් සමග text field 1ක් ,ඒකට යටින් තව link වල
ස්වරූපයෙන් Add Cc හා Add Bcc ලෙස 2ක් තියෙනවා.ඒ Link කුත් click කරාම
මෙන්න මේ වගේ window 1ක් ලැබෙනවා.











ඇත්තටම මේ Add Cc  හා Add Bcc කියන්නේ මොකක්ද ? අපි ගොඩක් අය To  Line
එකට ලබන්නාගේ E mail Address එක දාලා mail එක send කරනවා, මේ Cc හා Bcc Line
ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැනේ.හරි ඒකට කමක් නැ දැන් වත් අපි ඒ වලින්
කෙරෙන්නේ මොකක්ද කියල බලමු.

මම මුලින් කියපු To Line එක ගැනත් කියල ඉන්නම් එතකොට අපට Cc හා Bcc Lines
ගැන තේරුම් ගන්න ලේසියිනේ.

To වලට අපි ලබන්නාගේ හෝ ලබන්නන්ගේ  Email Address ඇතුලත් කලොත් ඒ
අප යවන ලිපිය එහි ඇතුලත් සියලුම ලිපින තියෙන අයට බලන්න පුලුවන් සේම
ඒ ලිපින සියල්ලක්ම  ඒ ලබන්නන් සැම කෙනෙකුටම පේනවා.
උදාහරනයක් ලෙස : මට මේ එවල තියෙන ලිපිය තව කාට කාටද යවල තියෙන්නේ
කීදෙනෙක්ට යවල ද මේ ගැන දැන් මේ කට්ටිය දන්නවද කියලා දැනගන්න පුලුවන්.
(Invitation වල වගේ)

Cc (Carbon Copy) කියලා කියන්නෙ මේ Cc Line එකේ දාන්න පුලුවන් වෙන්නේ
ලිපිය යවා ඇති බවට දැන ගන්න අවශ්‍ය පුද්ගලයින් ට පමණයි.උදාහරනයක් විදියට
අපි හිතමු අපේ පාරිබෝගිකයකු E mail 1ක් යවනවා අහවල් දවසට ඇවිත් අපේ
කළමනාකාර තුමා හමු වෙන්න කියලා.එතකොට අපට පුලුවන් පාරිබෝගිකයාගේ
mail address එක  To තීරුවටත් , කළමනාකාර තුමාගේ mail address එක Cc තීරුවටත්
දැම්මොත් පාරිබෝගිකයා එතකොට දන්නවා කළමනාකාර තුමාත් මෙ රැස්වීම ගැන
දන්නවා කියලා.මේ ක්‍රමයේ දී පාරිබෝගිකයට ,කළමණාකාරතුමාට , සහ ලිපිය යවන
අපි කියන පාර්ශව තුනටම එකිනෙකාගේ Email address බලා ගන්න පුලුවන් .
ඒ නිසා පාරිබෝගිකයාට අපි දෙන වෙලාවට එන්න බැරි නම් ඔහුට හකියාවක්
තියෙනවා කෙලින් ම කලමණාකරතුමා එක්ක කතා කරලා වෙලාව වෙනස් කරගන්න.

Bcc(Blind Carbon Copy) කියලා කියන්නේ මේ Bcc Line  එකට අපි කාගේ හරි ලිපින
කිහිපයක් ඇතුලත් කලොත් ඒ ලිපිනයන් අනෙක් අයට පේන්නේ නැ.ඒ වගේම කවුරුහරි
අපේ ලිපිනය Bcc තීරුවට ඇතුලත් කීරීම නිසා අපට ලිපියක් ලැබුනොත් ඒ ලිපිය ලබෙන
අය විදියට පේන්නේ අපෙ mail address එක විතරයි.අපි Email 100 ක් Bcc කලත්
ඒ 100 දෙනාට අනිත් Email address 99 පේන්නේ නැ.ගොඩ දෙනෙක් ට යවන්න
ඕන ලිපි තියෙනවනම් මේ ක්‍රමය පාවිච්චි කරන එක හොදයි.



No comments:

Post a Comment